April 27, 2024

ගුවන් හමුදා කඳවුරකට මිසයිල ප්‍රහාරයක්

සිරියාවේ ගුවන් හමුදා කඳවුරකට මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ ප්‍රහාරයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු මියගොස් හෝ තුවාල ලබා ඇති බවයි.

මෙහිදී ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති අතර එම ප්‍රහාර ගුවන් හමුදා කඳවුර අවට පිහිටි නිවාස වලට ද එල්ල තිබේ.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැති අතර මෙහි වගකීම කිසිදු පාර්ශවයක් භාර ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Rate this item
(0 votes)