April 27, 2024

හිටපු ජනපතිනියට වසර 24ක සිරදඬුවමක්

බලය අයුතු ලෙස පරිහරණය කිරීම, අල්ලස් හා බලහත්කාරකම් යන බහුවිධ චෝදනා යටතේ වැරදිකාරිය වීම හේතුවෙන් දකුණු කොරියාවේ හිටපු ජනපතිනී පාර්ක් ගුන් හේ වසර 24 සිරදඬුවමක් නියම වී ඇත. 
 
ඇයට එරෙහිව ගොනු කර තිබූ වංචා 18කින් 16ක් සඳහා වැරදිකාරිය බව අධිකරණය විසින් තීන්දු කරනු ලැබීය. ඩොලර් මිලියන 17ක දඩයක්ද පාර්ක් ගුන් හේ නියම කෙරිණි.
 
නඩු තීන්දුව ප්‍රකාශ කළ අද (06) දිනයේ ඇය අධිකරණයේ පෙනී නොසිටි අතර ඇයට එරෙහිව එල්ල වූ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළාය.
 
හිටපු ජනපතිනිය ඇගේ මිතුරියක් වූ චොයි සූන් සිල් සමඟ එකතු වී මෙම දූෂණ සිදු කළ බව හෙළිවී ඇති අතර මිට පෙර විභාග වූ නඩුවකදී චොයි වසර විස්සක සිර දඬුවමකට යටත් කර තිබිණි.
 
2017 වර්ෂයේදී බලයෙන් පහකරනු ලැබූ පාර්ක් ගුන් හේ මේ දක්වාම රැඳවුම් බාරයේ පසුවූවාය.

(බීබීසී)

Rate this item
(0 votes)