April 26, 2024

ව්‍යාජ පුවත් ප්‍රචාරයට දස වසරක සිර දඬුවම්

ව්‍යාජ පුවත් ප්‍රචාරය කළ බවට වරදකරුවන් වන පුද්ගලයන් සඳහා වසර දහයක් දක්වා වූ සිර දඬුවම් ලබා දීමට හැකි වන නව නීතියක් මැලේසියා රජය විසින් යෝජනා කර තිබේ. ඒ අනුව ව්‍යාජ පුවත් මර්දන පනත යටතේ වරදකරුවන් වන පුද්ගලයන් සිරගත කිරීමට හෝ ඇමරිකා ඩොලර් 128,000 දඩයකට යටත් කිරීමට හෝ එම දඬුවම් දෙකම ලබා දිය හැකිය.

මෙම යෝජනාවට අදාළ පනත් කෙටුම් පත පසු ගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර විපක්ෂ මත මැඩපැවැත්වීමට බලධාරීන් ගත් උත්සහයක් ලෙස විපක්ෂය ‍ඒ පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

මෙම පනත මගින් ව්‍යාජ පුවත් හෝ ව්‍යාජ පුවත් අඩංගු ප්‍රකාශ කුමන හෝ අදහසකින්, දැනුවත්ව, පළ කර, මුද්‍රණය කර, බෙදා හරින හෝ සංසරණය කිරීමට සලස්වන කවර හෝ පුද්ගලයෙකු වරදකරු වේ. එම පුවත මැලේසියාව හෝ එහි වෙසෙන පුද්ගලයන් සම්බන්ධ පුවතක නම්, මේ නීතිය මැලේසියාවේ සිටින හෝ රටින් බැහැරව සිටින ඕනෑම අයෙකු සම්බන්ධයෙන් බල පැවැත්වෙන අතර බ්ලොග් අඩවි, අන්තර් ජාල සමාජ සහ සමාජ ජාල ගිණුම් ද ඊට අදාළ වේ.

Rate this item
(0 votes)