April 27, 2024

උතුරු කොරියානු විදේශ ඇමති හදිසියේ ස්විඩනයේ සංචාරයක

උතුරු කොරියානු විදේශ අමාත්‍යවරයා හදිසියේ ස්විඩනයේ සංචාරයක නිරත වේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර සාකච්ඡාවක් පැවැත්විමේ පසුබිමක් නිර්මාණය වී ඇති අවස්ථාවක විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරය දැඩි අවධානයට ලක්ව තිබේ.
වොෂිංටනය සහ පියොං යැං අතර සමතයක් ඇති කිරිම සඳහා ස්විඩනය දීර්ඝ කාලයක සිට මැදිහත්ව කටයුතු කර තිබේ.
උතුරු කොරියානු නායකයා සමඟ සෘජුව සාකච්ඡා කිරිමට තමා සූදානම් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළ අතර උතුරු කොරියානු නායකයාගෙන් මෙතෙක් ඊට ප්‍රතිචාර පලවී නැහැ.
Rate this item
(0 votes)