May 11, 2024

බ්‍රිතාන්‍යයන් රුසියානුවන් 23 ක් නෙරපා හරී

බ්‍රිතාන්‍ය  සිටින රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් 23 ක් නෙරපා හැරීමට එරට අගමැති තෙරේසා මේ තීරණය කර ඇත.

රුසියානු ඔත්තුකරුවෙකු සහ ඔහුගේ දියණිය මෙම මස 04 වන දින සාලිස්බරි නගරයේ වාණිජ භූමියේ දී විෂ ප්‍රහාරයක ලක්ව තිබේ. 

රුසියාව මෙම විෂ සහිත ප්‍රහාරයට සම්බන්ධ බව අගමැති තෙරේසා මේ චෝදනා කළේය.

මෙම සිද්ධිය බ්‍රිතාන්‍ය කම්පනයකට තුඩු දුන් අතර අගමැති තෙරේසා මේ ගැටලුව සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය සමඟ රැස්වීමක්ද පැවැත්වීය.

මේ අතර, රුසියානු මැදිහත්වීම තහවුරු වූ හොත් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් බෝරිස් ජොන්සන් පවසා ඇත්තේ දැඩි ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවය.

 

Rate this item
(0 votes)