April 27, 2024

ස්ටීවන් හෝකින් ලෝකයට සමුදෙයි

බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වූ බව මීට ටික වේලාවකට පෙර ඔහුගේ පවුල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කළු කුහර හා සාපේක්ෂතාවාදය සම්බන්ධයෙන් සුවිශේෂී සොයාගැනීම් රැසක් කළ විද්‍යාඥ ස්ටීවන් හෝකින් මියයන විට 76 වියේ පසුවිය.

කාලයේ ඉතිහාසය පිළිබඳ සංක්ෂිපත්යක් යනාදී ලෝ ප්‍රකට කෘති රැසක් රචනා කර ඇති ස්ටීවන් හෝකින් 21 වැනි සියවසේ ලොව විශිෂ්ඨතම මනසේ හිමිකරු ලෙසින් ද හැඳින්විනි. 

“අපේ ආදරණීය පියාණන්ගේ අභාවයෙන් අපි දැඩි කම්පාවටත් කනගාටුවටත් පත්ව සිටිමු” යැයි ස්ටීවන් හෝකින්ගේ දරුවන් වන ලුසි, රොබට් සහ ටිම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Rate this item
(0 votes)