April 27, 2024

ප්‍රිට්ස්කර් සම්මානය ඉන්දියානු ජාතික බාල්ක්‍රිෂ්ණට

ගෘහ නිර්මාණ ශිල්පී ක්ෂේත්‍රයේ සිදුකරන ලද සුවිශේෂී කාර්යයන් වෙනුවෙන් වාර්ෂිකව පිරිනමන ප්‍රිට්ස්කර් සම්මානය මෙවර ඉන්දියානු ජාතික බාල්ක්‍රිෂ්ණ දෝශි විසින් දිනාගෙන ඇත.
 
ජාත්‍යන්තරව පිරිනමන මෙම සම්මානය දෝශිට හිමිව ඇත්තේ අඩු වියදම් නිවාස සැලසුම් කිරීම සම්බන්ධව ඔහු විසින් සිදුකරන ලද පුරෝගාමී මෙහෙවර වෙනුවෙනි. අනූවියැති දෝශි ප්‍රිට්ස්කර් සම්මානයට හිමිකම් ලැබූ ප්‍රථම ඉන්දියානුවා වන අතර සම්මානයත් සමග ඔහුට ඩොලර් 100000ක මුදල් ත්‍යාගයක්  හිමිවීමට ද නියමිතය.
 
දෝශි විසින් ඉන්දියාවේ මධ්‍යම නගරය වන ඉන්දෝරේහි සැලසුම් නිර්මාණය කරන ලද අඩු වියදම් නිවාස සංකීර්ණය ද බැංගලෝර්හි කළමණාකරන පාසල ද අද්විතීය නිර්මාණයන් ලෙස සැලකේ. ඉන්දියානු සම්ප්‍රදායන් අනුගමනය කරමින් සැලසුම් කල ඔහුගේ නිර්මාණ අතර රජයේ ආයතන, නිවාස සංකීර්ණ, පොදු ස්ථාන, පෞද්ගලික නිවාස හා තවත් බොහෝ ගොඩනැගිලි ද වේ.
 
මුම්බායි නගරයේ අධ්‍යාපනය ලැබූ දෝශි පසුව ප්‍රංශයේ පැරිස් නුවර ගෘහ නිර්මාණ  ශිල්පී සමාගමක සේවය කර ඇත.
 
(බීබීසී)

Rate this item
(0 votes)