April 26, 2024

මොනරෙක් සමඟ රට යන්න ආ කත හරවා යවයි

February 03, 2018

අන්තර්ජාලයෙන් ටිකට් පතකුත් වෙන් කරවාගෙන චිත්තවේගාත්මක සහායක ලෙස මොනරකු සමග ගුවන් ගමනකට සූදානම් වූ කාන්තාවකගේ ගමන් වාරය අත්හිටුවීමට ඇමෙරිකාවේ ප්‍රමුඛතම යුනයිටඩ් ගුවන් සේවයට සිදු විය.

ඇය තම ගුවන් ප්‍රවේශ පත්‍රය සමග කුරුල්ලකු සඳහා ද ප්‍රවේශ පත්‍රයක් අන්තර්ජාලය හරහා වෙන් කරවා ගෙන ඇති අතර ගමනට සූදානම් වී ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ දී මෙම ගැටලුවට මුහුණ දී ඇත. ගුවන් සේවය පවසන්නේ කුරුල්ලකු වෙනුවෙන් ප්‍රවේශ පත්‍රය වෙන් කර ඇති නමුත් එම කුරුල්ලා අදාළ බර සහ ප්‍රමාණය තුළ නොසිටි බවයි. ඇය තම තුරුල්ලා සමග ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ තමන් විමතියට පත් වූ බව එම ගුවන් සමාගම පවසයි.

චිකිත්සක සතුන් රැගෙන යෑමට මානසික ගැටලු ඇති සමහර මගීන්ට ගුවන් යානා මගින් ඉඩ ලබා දී ඇත. ඒ අනුව එසේ සතුන් ගෙන යෑම වැඩිවී ඇති අතර, ඒ සඳහා අදාළ රෙගුලාසි උල්ලංඝනය වීම් ද වැඩි වී ඇත.

වසරකට පෙර, මැද පෙරදිග ගුවන් යානයක කුරුල්ලෝ 80 දෙනෙකු ගමන් කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් අන්තර් ජාලයේ දක්නට ලැබුණි. 

Rate this item
(1 Vote)