April 27, 2024

පිරිමින්ට දෙවැනි කසාදය අනිවාර්යයි - අකමැති වුනොත් සිර දඬුවම්

February 04, 2018

පිරිමින් විසින් විවාහ දෙකක් කර ගත යුතු බවට නව පනතක් සම්මත වී ඇති බව වාර්තා වේ.

එරිත්‍රියා නැමති අප්‍රිකානු රටක මෙම නීතිය සම්මත වී තිබේ.

මෙම නීතිය මගින් එරට පිරිමින් විවාහ දෙකක් සිදු කර ගත යුතු අතර එයට අකමැති වන පිරිමි පුද්ගලයින් සිරගත කිරීමට මෙම නව පනත මගින් හැකියාව තිබේ.

එරට තුළ යුධමය තත්ත්වය විටින් විට ඇති වීම නිසා පිරිමි පුද්ගලයින් වැඩි වශයෙන් යුද්ධය සඳහා එක්වීම නිසා පිරිමි පුද්ගලයින් බොහෝ ප්‍රමාණයක් මරමුවට පත්වේ.

එම හේතුව නිසා එරට පිරිමි ප්‍රතිශතය සීග්‍රයෙන් අඩු වීම නිසාත් ගැහැණු ප්‍රතිශතය වැඩිවීම නිසාත් මෙම නීතිය ගෙනැවිත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යම් හෙයකින් පළමු විවාහය සිදු කරගත් පිරිමි පුද්ගලයෙකු දෙවැනි විවාහයට කැමති වුවත්, පළමු බිරිඳ දෙවැනි විවාහයට කැමති නොවන්නේ නම් එම පළමු බිරිඳට සිර දඬුවම් ලබා දීමේ හැකියාව මෙම පනත මගින් ලැබී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 02 February 2018 15:39