April 26, 2024

ලොව වස්ගතම ගෝරිල්ලා මිය යයි

ලොව වයසින් වැඩිම ගොරිල්ලාන් අතර සිටි එක් ගෝරිල්ලෙකු වු ‘විලා’ නමැති ගෝරිල්ලා මිය ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

මෙම ගෝරිල්ලා මිය යන විට 60වැනි වියේ පසු විය.

1957 වසරේ දී කොංගෝවේ උපත ලද ‘විලා’ ඇයගේ පවුලේ සාමාජිකයන් අතර සිටියදී මියගිය අතර ,ඇය පරම්පරා පහකට “මාතෘ මූලිකයා” වූ බවත් සැන් දියේගෝ සෆාරි උද්‍යානය නිවේදනය කර තිබේ.

මීට ආසන්න වයස්වල පසුවන ගෝරිල්ලන් ඉතා සුළු ප්‍රමාණයකුයි ජිවත්ව සිටින බවත් කැලිෆෝනියාවේ පිහිටි සෆාරි උද්‍යාන පවසා ඇත.

සාමාන්‍යයෙන් ගෝරිල්ලෙකු ආයුකාලය අවුරුදු 35-40 අතර කාලයක් වේ. දැනට මිනිස් ඇසුරේ ජීවත්වන වයස්ගතම ගෝරිල්ලා වන ටෘඩිගේ වයස අවුරුදු 61 වන අතර ඇය ආකන්සෝහි ‘ලිට්ල් රොක්’ සත්වොද්‍යානයේ වාසය කරනු ලැබේ.

විලා මෙන්ම, ඇයද වනයෙන් අල්ලා ගන්නා ලද ගෝරිල්ලන් වේ. ගෝරිල්ලන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී සිටින සත්ව කොට්ඨාසයක් ලෙස නම් කර තිබේ.

Rate this item
(0 votes)