April 26, 2024

ඇමරිකාවේ පාසලකට වෙඩි තැබීමක් - සිසුන් දෙදෙනෙක් මරුට

ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ උසස් පාසලක සිදුවූ විවෘත වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනකු මියගොස් 17 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 
 
බෙන්ටන් නගරයේ මාෂල් කන්ට්‍රි උසස් පාසලේ සිදුව ඇති මෙම අනතුරින් 15හැවිරිදි දැරියක් එම ස්ථානයේම මියගිය බවත් තවත් 15 හැවිරිදි පිරිමි දරුවකු රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බවත් කෙන්ටකි ආණ්ඩුකාරවරයා පවසයි. 
 
පොලිසිය පවසන්නේ වෙඩිතැබීම සිදු කලේයැයි සැකපිට 15 හැවිරිදි පිරිමි දරුවකු අත්අඩංගුවට ගත් බවයි. 
 
සැකකරු විනාඩි 15ක පමණ කාලයක් පාසලේ විවෘත ස්ථායක වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඒ සඳහා පිස්තෝලයක් භාවිතා කර ඇති බවත් වාර්තා වී ඇත. සැකකරු තම අනන්‍යතාවය හෙළිකර නැතැයි පොලිසිය පවසයි. 

Rate this item
(0 votes)