April 27, 2024

ඉන්දුනිසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා නුවර ප‍්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. භූ කම්පනයත් සමඟ ජකර්තා නුවර ගොඩනැගිලිවලින් මහජනතාව ඉවත් කිරීමට ද එරට බලධාරීහු කටයුතු කළහ.

භූ කම්පනය හේතුවෙන් කිසිවකුටත් හානි සිදු වූ බව මෙතෙක් වාර්තා වී නැතැයි ද සුනාමි අවදානමක් නැතැයි ද එරට කාලගුණ විද්‍යා ආයතනය සඳහන් කරයි.

භූ කම්පනයේ ප‍්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.4ක් ලෙස සටහන් වී ඇතැයි ද එහි ගැඹුර කිලෝමීටර් 10ක් යැයි ද ඉන්දුනීසියාවේ භූ විද්‍යා හා කාලගුණ විද්‍යා ආයතනය සඳහන් කර තිබේ. 

එහි කම්පන කේන්ද්‍රය ජාවා දුපත්වලට එපිටින් පිහිටි බැන්ටන් පළාතේ සිට කිලෝමීටර 81ක් දුරින් පිහිටි ස්ථානයක් යැයි ද එම ආයතනය සඳහන් කරයි.

Rate this item
(0 votes)