April 27, 2024

යුද්ධයකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුම්වත් කෙරේ

යුද්ධයකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරිම සදහා අත්පත්‍රිකා බෙදාහැරිමට ස්විඩනය  පියවර ගෙන තිබේ.

එරට නිවාස මිලියන 4.4ක් සඳහා එම අත්පත්‍රිකා බෙදාහැරිමට නියමිතය.

ත්‍රස්ත හෝ සයිබර් ප්‍රහාරයකදී සහ ස්වභාවිත ආපදාවකදී සූදානම් විය යුතු ආකාරය පිළිබඳව දැනුම්වත් කිරිමේ පොත් පිංචක් ලබාදීමට ද එරට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

රුසියාවේ යුධ ක්‍රියාකාරකම් සහ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ඉහළ යාමත් ව්‍යාජ ප්‍රවෘත්ති පැතිරිමත් මෙම පියවර ගැනිමට හේතු වී තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේදී ස්විඩනයේ ස්ටොක්හොම් නුවරට ලොරි රථයක් කඩා වැදිමට සැලැස්විමෙන් පුද්ගලයින් 05 දෙනෙකු ඝාතනයට ලක් කෙරිණි. 

 

Rate this item
(0 votes)