April 27, 2024

පිළිතුරු දෙන්න ට්‍ර්ම්ප් සූදානම්

ඉකුත් 2016 වසරේ පැවැති ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ කවුන්සිලය හමුවේ පෙනි සිටීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නොවිසිල්ලෙන් බලා සිටින බව ජනාධිපතිවරයාගේ නීතිඥවරයා අද (18) පැවසීය. 
 
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයට මැදිහත් වූ බවට රුසියාවට චෝදනා එල්ල වී තිබේ. රුසියාවේ හැකර්කරුවන් පරිගණකවලට අනවසරයෙන් ඇතුළත් වී දත්ත වෙනස් කළ බවටත් චෝදනා එල්ල වී තිබේ. එපමණක් නොව ජනාධිපතිවරණයේදී ඩොනල්ඞ් ට්‍රම්ප් වත්මන් ජනාධිපතිවරයාට රුසියාවේ සහාය හිමි වූ බවට චෝදනා එල්ල වී විය. 
ඇමෙරිකා ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් සහ රුසියානු රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි. 
 
ජනාධිපතිවරණයට රුසියාවේ මැදිහත් වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කරන ලදි. එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරනුයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම විමර්ශන සංවිධානයේ (එෆ්.බී.අයි) හිටපු සභාපතිවරයකු වන රොබර් මුලර්ය.
 
ඔහු හමුවේ කරුණු පැහැදිලි කිරීමට තමන් සූදානම් නැතැයි ඇමෙරිකා ජනාධිපතිවරයා මීට පෙර අවස්ථා කිහිපයකදී පැවසීය. කෙසේ නමුත් කමිටුව හමුවට ගොස් රොබට් මුලර්ට කරුණු පැහැදිලි කිරීමට ඔහු අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බව ඔහුගේ නීතිඥවරයා පැවසීය. 

Rate this item
(0 votes)