April 27, 2024

උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

November 30, 2017

බලසම්පන්න අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව ඊයේ  (29) නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම සැප්තැම්බර් මස මිසයිලයක් අත්හදා බැලීමෙන් පසු අත්හදා බැලූ පළමු මිසයිලය මෙන්ම ඇමෙරිකා ජනාධිපතිවරයා උතුරු කොරියාව ත්‍රස්තවාදයට සහාය දක්වන රටක් ලෙස නම් කිරීමෙන් පසු උතුරු කොරියාව අත්හදා බැලූ පළමු මිසයිලයයි.  

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොවැම්බර් 20 වැනිදා උතුරු කොරියාව ත්‍රස්තවාදයට රාජ්‍ය සහාය දක්වන රටක් ලෙස නම් කළේය. එයින් උතුරු කොරියාවට තවදුරටත් සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදයට අවස්ථාව උදා විය. 

උතුරු කොරියාව අත්හදා බලන ලද මෙම නව බැලැස්ටික් මිසයිලයත් සමඟ උතුරු කොරියාව සතු න්‍යෂ්ටික අවිවලට ඇමෙරිකා එක්සත් ජනපද භූමියට ළඟා විය හැකි යැයි ද පැවසේ. 

 

Rate this item
(0 votes)