April 27, 2024

ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 400ක් මරුට

November 14, 2017

ඉරාන ඉරාක දේශසීමාවේ ඇති වූ භූමි කම්පාවෙන් මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් ඇතැයි දෙරටේ ආරංචි මාර්ග සඳහන් කරයි. 
  
භූමිකම්පාව හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 5,953 දක්වා ඉහළ ගොස් ඇතැයි ද එම ආරංචි මාර්ග තවදුරටත් කියයි.
 
මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පවසන බලධාරීහූ අතුරුදන් වූවන් සෙවීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන බව ද බලධාරීහූ පවසති. 
  
භූමිකම්පාව නිසා විපතට පත්වූ 70,000කට වැඩි පිරිසකට හදිසි වාසස්ථාන අවශ්‍ය වී ඇතැයි ද ඉරාන රතු අඩ සඳ ව්‍යාපාරය පවසයි. 

Rate this item
(0 votes)