April 27, 2024

ඉරාන ඉරාක දේශ සීමාව ආසන්නයේ භුමිකම්පාවෙන් 61ක් මරුට - 300ට තුවාලයි

November 13, 2017

ඉරාන ඉරාක දේශසීමාව ආසන්න ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපකාංක 7.3ක ප්‍රභලත්වයකින් යුතු භූමිකම්පාවකින් 145කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි දෙරටේ මාධ්‍ය වාර්තා කරයි.

මියගිය හා තුවාල ලැබූ පිරිස් සොයා දැනටමත් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද බොහෝ පිරිසක් සුන්බුන් යට සිර වී ඇතැයි ඉරාන ඉරාක ආරංචි මාර්ග සඳහන් කරයි. භූමිකම්පාව හේතුවෙන් 900කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා විය.

ඉරානයේ සිදුවූ ප්‍රභල භූමි කම්පාවකින් 130ක් පමණ මියගොස් දහස් ගණනක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ඉරාන ඉරාක උතුරු දේශ සීමාව ආසන්නයේ කුර්දිස්ථාන් කලාපයට කම්පනයෙන් දැඩි හානි සිදුවී ඇත. 
 
ඇමරිකානු භූ විද්‍යා කාර්යාංශය පවසන්නේ මෙය රිච්ටර් මාපාංක 7.3 ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් බවයි. කම්පනයේ අපි කේන්ද්‍රය උතුරු දේශසිමාව ආසන්නයේ පිහිටි හලාබ්ජා ප්‍රදේශයේ කිලෝමීටර් 33.9ක් ගැඹුරින් පිහිටා ඇතැයි පැවසේ. තුර්කිය ඊශ්‍රායලය සහ කුවේට් රට වලට ද කම්පන දැනී ඇත.  
 
සුන්බුන් වලට යට වී ඇති පිරිස් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර බලධාරීන් පවසන්නේ මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ සහ ඉරාකයේ බොහෝ නගර වල විදුලිය විසන්ධි වී ඇති අතර තවදුරටත් කම්පන ඇතිවේ යැයි බියෙන් දහස් ගණන් ජනතාව දැඩි  ශීත කාළගුණය මධ්‍යයේ වීදී හා උද්‍යාන වලට රොක් වී සිටින බව වාර්තා වේ.

රෝහල් වලට ද බරපතල හානි සිදුව ඇති හෙයින් තත්ත්වය බොහෝ සංකීර්ණ වී ඇති බව බලධාරීහු පවසති.

(රොයිටර්)

Rate this item
(0 votes)
Last modified on Monday, 13 November 2017 10:43