April 27, 2024

තායිලන්තයේ වෙරළ තීරයන්හි දුම්බීම තහනම් කරමින් අධිකරණය නියෝගයක්

තායිලන්තයේ වෙරළ තීරයන්හි දුම්බීම තහනම් කරමින් එරට අධිකරණය නියෝගයක් පනවා ඇති බව වාර්තා වේ. 

මෙම නීතිය කඩකරන්නන්ට වසරක කාලයක් දක්වා සිරදඬුවමක් හෝ ඩොලර් 3850ක දඩයක් නියම වන බව බලධාරීහු පවසති. නොවැම්බර් මස පළමුවනදා සිට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

වෙරළ තීරයන්  20ක් සඳහා මෙම නීතිය ක්‍රියාත්මක වන අතර සංචාරකයින් අතර ජනප්‍රිය වෙරළ තීරයන් කිහිපයක්ද මෙයට ඇතුලත් වන බව තායිලන්ත වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 

තායිලන්තයේ මුහුදු වෙරළ දැඩි ලෙස අපවිත්‍ර කරමින් සිගරට් කොට සිය දහස් ගනනින් දිනපතා එකතුවීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බවද ඔවුන් පවසා ඇත. 

පරිසර සංවිධාන පවසන්නේ වෙරළින් එකතුවන සමස්ථ අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් තුනෙන් එකක්  සිගරට් කොට වලින් සමන්විත වන බවයි. පැටොං වෙරළ පිරිසිදු කිරීමේදී කිලෝමීටර් 2.5කින් සිගරට් කොට 138000ක් ඔවුන්ට හමුවී ඇත‍.

ඉදිරියේදි මෙම නීතිය සියලුම වෙරළ තීරයන්ට ක්‍රියාත්මක කිරීමට ද තායිලන්ත රජය බලාපොරොත්තු වේ.  

 (ද සිඩ්නි මෝනිං)

Rate this item
(0 votes)