April 26, 2024

සිංගප්පූරු ජාතික විද්‍යාඥයින් පිරිසක් දූරියන්වලින් දුගඳක් වහනය වීමට හේතු සොයා ගනී

දූරියන්වලින් මෙතරම් දුගඳක් වහනය වන්නේ ඇයිද යන පැනයට පිළිතුරු සොයා ගැනීමට සිංගප්පූරු ජාතික විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.

එහිදී මෙම පර්යේෂණයේ නිරත විද්‍යාඥයින් විසින් දූරියන් පලතුරට දරාගත නොහැකි ගඳක් ලැබීම සඳහා හේතු වී ඇති ජාන ප්‍රවේණිය සොයාගෙන ඇත.

මෙම සොයාගැනීම් අනාගතයේදී දුඟදක් ඇති නොකරන හා ඉතා රසවත් පලතුරු නිර්මාණය කිරීම සඳහා සහාය විය හැකි බවද විද්‍යාඥයෝ පවසති.

කෙසේවෙතත් දූරියන්වල මෙම දුගඳ නොමැති නම් එය දූරියන් නොවන බව මෙම විද්‍යාත්මක පර්යේෂණය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් දක්වා ඇති පිරිස්ද පවසති.

එමෙන්ම දුරියන්වලටම ආවේණික මේ දුඟද නොමැති වීම යමෙකුට තම අනන්‍යතාව අහිමිවීමක් වශයෙන්ද තවකෙකු අදහස් දක්වා තිබේ.

නේචර් ජෙනටික්ස් නමැති ජර්නලයේ මෙම පර්යේෂණයට අදාළ තොරතුරු අඩංගු වී තිබුණි.

Rate this item
(1 Vote)