April 27, 2024

සවුදියේ කාන්තාවන්ට රියදුරු බලපත්‍ර

September 28, 2017

සෞදියේ සල්මාන් රජුගේ නියෝගයක් පරිදි සෞදි අරාබිය තුළ රැඩිකල් වෙනසක් සිදුවෙමින් කාන්තාවන්ටද රියදුරු බලපත්‍රය ලබාගැනීමට අවසරය හිමිව තිබේ.

ප්‍රථම වරට කාන්තාවන්ට මෙසේ රියදුරු බලපත්‍රය ලබාගැනීමේ අවසරය හිමි වීම ද විශේෂත්වයක්.

ලෝකයේ කාන්තාවන්ට රිය පැදවීම තහනම් කළ රාජ්‍යයක් පැවතියේ නම් ඒ සෞදි අරාබිය පමණක් වන අතර නව නියෝගය පිළිබඳ උපදේශක කමිටුවක් ලෙස අමාත්‍ය මණ්ඩලයක් පත්කර ඇත.

ඒ අනුව ඉදිරි දින 30ක කාලය තුළ එම නිර්දේශ ඉදිරිපත් වීමට නියමිතය.

විවිධ ක්‍රියාකාරී සංවිධාන විසින් වසර කිහිපයක මුළුල්ලේම මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුවත්, එය මෙතෙක් ඉටු නොවීය.

ඒ අනුව, 2018 වසරේ ජූනි මාසයේදී සෞදි කාන්තාවන්ටත් තම මෝටර් රථය පැද යාමේ අවකාශය හිමිවනු ඇත.

(බීබීසී)

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 September 2017 08:50