April 27, 2024

මෙක්සිකෝවේ දරුණු භූකම්පනයක්

September 20, 2017

මධ්‍යම මෙක්සිකෝවට බලපෑ භූමිකම්පාවකින් 130 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙක්සිකෝ නගරයේ ගොඩනැගිලි රැසක් ද භූකම්පනයෙන් විනාශ වී ඇති අතර  රිච්ටර් පරිමාණයේ 7.1ක් ලෙසින් සටහන් වූ භූකම්පනයෙන් මෙක්සිකෝවේ ප්‍රාන්ත රැසක ජීවිත හා දේපල හානි සිදුව තිබෙන බවත්  මොරෙලොස් ප්‍රාන්තයේ පමණක් ජීවිතක්ෂයට පත් වූ ගණන 64ක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙක්සිකෝවේ අගනුරව වන මෙක්සිකෝ නගරයේ ගොඩනැගිලි 40ක් පමණ කඩා වැටී තිබෙන බවත් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් කුඩා ළමුන් ද ඒ අතර සිටින බව හා  නගරයේ විසි ලක්ෂයකට පමණ විදුලිය ඇණ හිටීමෙන් දුෂ්කරතා මතුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Rate this item
(0 votes)