April 27, 2024

නව ඩයිනෝසර් වර්ගයක්

අමෙරිකාවේ විදාඥයින් පිරිසක් නව ඩයිනෝසර් වර්ගයක් සොයාගෙන ඇති බවට නිවේදයක් නිකුත් කර තිබේ.

එම ඩයිනෝසර් වර්ගය වඳ වී ගිය ආකාරය ඔවුන්ගේ පොසිලවලින් අනාවරණ කර ගත් තොරතුරු අනුව අවුරුදු මිලියන 66 කට පෙර ඒවා බවට වාර්තා වී ඇත.

අනසු වයිලී නමැති එම සත්ත්වයා කුරුල්ලෙකුගේ හැඩරුවක් සහිත වේ. එම සත්ත්වයා ඇටකටුවලින් පිරිණු බාහුවක් සහිත දිග වලිගයකින් යුත් කටුස්සෙකුගේ ස්වරූපයෙන් යුත් බවට අනාවරණ වී තිබේ.

හමු වූ ඇට කටුවලට අනුව එම සත්ත්වයා උතුරු සහ දකුණු ඩැකෝටාවල  සිටි බව හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

එම අනසු වයිලී නමැති සතුන් ඩයිනෝසරයන් වශයෙන් ගත්විට ඉතා පුදුමාකාර සත්ත්ව කොට්ඨාශයක් බව විද්‍යාඥයෝ සඳහන් කරති.

Rate this item
(1 Vote)