April 26, 2024

ස්විස්ටර්ලන්තයේ දරුණු නායයාමක්

ස්විස්ටර්ලන්තයේ ගිණිකොණ දෙසින් පිහිටි කඳුකර ප්‍රදේශයක සිදු වූ නායයාමකින් පුද්ගලයින් 08 දෙනෙකු අතුරුදන් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා සදහන් කර ඇත.

කඳු නගින්නන් සහ පාගමන්කරුවන් අතර ජනප්‍රිය නිම්න ප්‍රදේශයක් වන වැල් බොන්ඩස්කා ප්‍රදේශයේ නායයාම සිදුව තිබෙන අතර අතුරුදන් වූවන් අතර ජර්මානු, ඔස්ට්‍රියානු සහ ස්විස් ජාතිකයන්ද සිටින බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත .

නායයාම සමඟ කිලෝමීටර 5කට වැඩි ප්‍රදේශයක් මඩ තට්ටු වලින් වැසී ඇති බව ස්විස්ටර්ලන්ත පොලීසිය ප්‍රකාශ කර ඇති අතර  එම ප්‍රදේශයේ රැඳී සිටි පිරිස් ආරක්ෂිත ස්ථානකරා යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය සදහන් කරයි.

අතුරුදන් වූවන් සොයා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා කටයුතු සඳහා හෙලිකොප්ටර් යානා යොදවා තිබෙන බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)