April 27, 2024

ඉන්දියාවේ වචන තුනේ ක්ෂණික දික්කසාදය අහෝසි

මුස්ලිම් දික්කසාද සඳහා ඉන්දියවේ ක්‍රියාත්මක ක්ෂණික දික්කසාද ලබාදීමේ ක්‍රමවේදය නීතිවිරෝධී බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘තලාක්‘ හෙවත් දික්කසාදය යන වචනය අවස්ථා තුනක දී ප්‍රකාශ කිරීමෙන් සිය බිරිඳ මිනිත්තු කිහිපයක් තුළ දික්කසාද කිරීමේ හැකියාව ඉන්දීයවේ මුස්ලිම් පුරුෂයින්ට පවතින බවත් මෙම ක්‍රියාවලියට එරෙහිව ඉන්දියාවේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පෙනී සිටින සංවිධාන කිහිපයක් සහ එලෙස දික්කසාදය හිමිවූ කාන්තාවන් පිරිසක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කර තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

වසර 70කට අධික කාලයක් මේ හේතුවෙන් ඉන්දීය මුස්ලිම් විවාහක කාන්තාවන් දැඩි පීඩාවන්ට ලක්වූ බව පෙන්වා දෙන කාන්තා අයිතිවාසිකම් සුරකින්නන් පවසන්නේ ඇතැම් පුරුෂයින් වර්තමානයේ ජංගම දුරකතන කෙටි පණිවුඩ, වට්ස් ඇප් මෙන්ම ස්කයිප් තාක්ෂණය ඔස්සේ ද සිය බිරිඳට දික්කසාදය ලබාදෙන බවයි.

කෙසේවෙතත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම්වල තීන්දුව ලබාදෙමින් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර ඇත්තේ අදාළ ක්‍රමවේදය ව්‍යවස්ථා විරෝධී බවත් තලාක් යන වචනය තෙවරක් ප්‍රකාශ කිරීමෙන් දික්කසාදය ලබාදීමේ ක්‍රමවේදය පාකිස්ථානය සහ බංග්ලාදේශය වැනි රටවල ද මීට පෙර ක්‍රියාත්මක වුවද මේ දක්වා එය ක්‍රියාත්මක වී ඇත්තේ ඉන්දියාව තුළ පමණක් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

(බීබීසී)

Rate this item
(0 votes)