April 27, 2024

බාසිලෝනා ප්‍රහාරයේ සැකකරු ඝාතනය කෙරේ

පසුගියදා බාසිලෝනා අගනුවරට ප්‍රහාරයක් එල්ල කළ ප්‍රධාන සැකකරු යූනස් අබූයකූබ් වෙඩි තබා ඝාතනය කළ බව ස්පාඤ්ඤ පොලිසිය වාර්තා කරයි.

අගනුවර ජනාකීර්ණ වීදියක් වෙත රිය පදවා පදිකයන් දහතුන් දෙනෙකු ඝාතනය කළ රියදුරු ඔහු බව ස්පාඤ්ඤ පොලිසියේ විශ්වාසය වී තිබේ.

ඔහු සම්බන්ධයෙන් ලද තොරතුරක් මත පොලිසිය යූනස් අබූයකූබ් නමැති සැකකරුට වෙඩි තබා මරා දමනු ලැබ ඇත්තේ බාසිලෝනා අගනුවරට සැතපුම් 25 ක් පමණ බටහිරින් පිහිටි ඉන්ධන පිරවුම් හලකදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මරාගෙන මැරෙන ව්‍යාජ බඳ පටියක් ඇඟලා සිටි ඔහු එම අවස්ථාවේ අල්ලා හුවක්බර් යනුවෙන් කෑ ගසා ඇති බවත් වාර්තා වේ.

 (බීබීසී)

Rate this item
(0 votes)