April 26, 2024

මලාලා ඔක්ස්ෆර්ඩ් සරසවියට

නොබෙල් සාම ත්‍යාගලාභි මලාලා යුසෆ්සායි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් විමට සුදුසුකම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ උසස් පෙළ විභාග ප්‍රතිපල මත ඇයට එම අවස්ථාව ලබා ගැනිමට හැකි වූ බවත් මනෝ විද්‍යාව, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳ එහිදී හැදෑරීමට නියමිත බවත්ය.

මුස්ලිම් දැරියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටි ඇය ත්‍රස්ත ප්‍රහාරයකට ද ලක් වූ අතර මේ වන විට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වශයෙන් කටයුතු කරනු ලබන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 

Rate this item
(0 votes)