May 08, 2024

නයිජීරියාවේ කාන්තාවන් තිදෙනෙකු 30ක් මරාගෙන මැරේ

නයිජීරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ සරණාගතයින් රැදී සිටින කදවුරක් ඉදිරිපිට සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලියින් 27 ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ පිපිරීම සිදු කර ඇත්තේ කාන්තාවන් තිදෙනෙකු විසින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බොකෝහරාම් ත්‍රස්‌තවාදීන් බහුලව ගැවසෙන ප්‍රදේශයක මෙම පිපිරිම සිදුව ඇති අතර මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව  තවදුරටත් ඉහළ යා හැකි බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Rate this item
(0 votes)