April 26, 2024

ඇමරිකානු හමුදාපති දකුණු කොරියාවට

ඇමරිකානු හමුදාපති ජෙනරාල් ජෝෂප් ඩන්ෆෝල් දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටි බවත්  උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික සහ මිසයිල තර්ජන සාකච්ඡා කිරිම සදහා හමුදාපතිවරයා දකුණු කොරියාවට පැමිණ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී ඇමෙරිකානු හමුදාපතිවරයා දකුණු කොරියානු ජනාධිපතිවරයා  සහ එරට ආරක්ෂක අමාත්‍යවරයා හමුවේ දෙරට අතර පවතින ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව ද සාකච්ඡා කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සාකච්ඡාවලින් අනතුරුව අමෙරිකානු හමුදාපතිවරයා චීනය සහ ජපානය බලා පිටත්ව යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Rate this item
(0 votes)