April 26, 2024

ඊජිප්තුවේ මඟී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

ඊජිප්තුවේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 120 දෙනෙකු තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මඟී දුම්රිය දෙකක් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රා ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක් දුම්රියක් ඊජිප්තුවේ කයිරෝ නුවර සිට ගමන් ආරම්භ කර තිබූ අතර අනෙක් දුම්රිය පෝර්ට්සේඩ්හි සිට ගමන් ආරම්භ කර තිබූ බව වාර්තා වෙයි.

අනතුර සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ඊජිප්තු ජනාධිපතිවරයා නියෝග කර ඇති අතර විපතට පත්වූවන්ට වන්දි ලබාදෙන ලෙසට ද නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 

Rate this item
(0 votes)