April 27, 2024

රුසියාවට එරෙහි සම්බාධක පැනවීමට ට්‍රම්ප් අත්සන් තබයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට එරෙහි සම්බාධක පැනවීම සම්බන්ධයෙන් වූ පනතකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධවල මන්දිරයේදී අදාළ පනත සඳහා අත්සන් කර ඇති බවත්  එම පනත මගින් උතුරු කොරියාව සහ ඉරානයට ද සම්බාධක පනවා ඇති බව සඳහන් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාව මත පූර්ණ වශයෙන් වෙළඳ තහනමක් මෙමගින් පැනවීමට අමෙරිකාව පියවර ගෙන ඇති බව රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මැද්වදෙව් ප්‍රකාශ කර ඇත.

ඇමරිකානු කොංග්‍රසය විසින් සම්මත කරනු ලැබූ අදාළ පනතට ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර කැමැත්ත පළ කර නොතිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටෙලර්සන් පවසා ඇත්තේ අදාළ පනත සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයාගේ සතුටක් නොමැති බවයි.

Rate this item
(0 votes)