April 26, 2024

පාකිස්ථානයේ නව අගමැති ෂහීද් අබ්බාසි

පාකිස්ථානයේ අගමැතිවරයා ලෙස එරට පාර්ලිමේන්තුවේ හිටපු ඛනිජ තෙල් අමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි තෝරා පත්කර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට අගමැති ධූරයේ පුරප්පාඩුවක් ඇති වූයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් රාජ්‍ය තනතුරක් දැරීමට සහ පාර්ලිමේන්තුවේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමට නුසුදුසු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමඟයි.අගමැතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා පාකිස්ථාන පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද 221ක් දිනා ගැනීමට අමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි සමත් වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණය දක්වා ඇති කෙටි කාලයේදී ඔහු අගමැති ධූරය හොබවනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

 

Rate this item
(0 votes)