April 27, 2024

පළමු වරට ඩ්‍රෝන කැමරාවෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දර්ශණ

ප්‍රථම වරට ඩ්‍රෝන කැමරාවකින් ගනු ලැබූ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ජායාරූප ජපාන අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.
 
වටකුරු ඩ්‍රෝන කැමරාවක්වන මෙය අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ගගනගාමීන් වැඩ කරන ආකාරය ඡායාරූප ගත කිරීම සඳහා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
පෘථිවියේ සිට කැමරාවේ පාලන කටයුතු සිදු කරන අතර ශුන්‍ය ගුරුත්ව පරිසරයක පාවීමේ හැකියාව මෙම කැමරාව සතු බව ඇමරිකානු අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය පවසයි. 
 
මධ්‍යස්ථානය තුළ නිදහයේ ඕනෑම තැනකට ගමන් කර විවිධ කෝණවලින් ඡායාරූප හා වීඩියෝ දර්ශන ගැනීමට ද මෙම කැමරාවට හැකියාව  ඇත. එසේම එම දර්ශන එවෙලේම පෘථිවියට ලබා ගැනීමට හැකි බැවින් පෘථිවියේ සිට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පර්යේෂකයන්ගේ ක්‍රියාවන් පරීක්ෂා කිරීමට ද මෙය උදව් වන බව එරට මාධ්‍ය වාර්තා කරයි..
 
ඩ්‍රෝන කැමරාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවා ඇත්තේ පසුගිය ජුනි මාසයේ බවද වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(බීබීසී)

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 July 2017 10:54