April 26, 2024

පිලිපීනයේ භූ කම්පනයක්

මධ්‍යම පිලිපීනයේ ලෙයිට් දිවයිනේ ඔර්මොක් නගරය කේන්ද්‍ර කොට ගෙන ඊයේ (6) ඇති වූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් පරිමාණයේ 6.5 ක ප්‍රබලතාවකින් යුත් මෙම භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර එක් වාණිජ ගොඩනැගිල්ලක සුන්බුන් අතර පුද්ගලයන් 5 දෙනෙකු පමණ සිරවී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.

ලෙයිට් දිවයිනේ කනන්ගා නගරයේ තුන් මහල් ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිර වී සිටි තවත් පුද්ගලයන් 8 දෙනෙකු බේරා ගැනුණ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Rate this item
(0 votes)