April 27, 2024

පැරිස් නගරයේ මෝටර් රථ ප්‍රහාරයක්

පැරිස් නගර මධ්‍යයේ පිහිටි අතිශයින් ජනාකීර්ණ එලිසි (Champs-Elysées) මාවතේ දී පොලිස් වෑන් රියක ගැටීමට සැලැස් වූ මෝටර් රථයක් ගිනිගෙන විනාශ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිය මෝටර් රථය පොලිස් වෑන් රථයේ ගැටීමට කටයුතු කළ රියැදුරා එම ස්ථානයේදීම මරණයට පත් වූ බවත් ඔහුගේ රථය තුළ තිබී 'කලස්නිකොෆ්' (Kalashnikov ) වර්ගයේ රයිෆලයක්,අත්බෝම්බ සහ ගෑස් පිරවූ බෝතල් හමු වූ බවත් එම විදෙස් වාර්තා සඳහන් කරයි.

නීතිය සහ සාමය රකින නිලධාරීන්ට හෝ මහජනයාට අනතුරක් සිදු නොවූ අතර මේ වන විට තත්වය සාමාන්‍ය අතට හැරී ඇති බවත් එරට  පොලිසිය සඳහන් කරයි.

ප්‍රහාරක රියැදුරා එලියට ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ට මෝටර් රථයේ කවුළු වීදුරු කඩා දැමීමට සිදු වී ඇත.

ප්‍රංශයේ ජනාධිපති මන්දිරය සහ ඇමෙරිකානු තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ ප්‍රහාරය එල්ල කෙරුණ ස්ථානය ආසන්නයේය

එසේම ඒ අසල ප්‍රදේශයේ පොලිස් මධ්‍යස්ථානයත් පිහිටා ඇත.

මෑත අවුරුදු කීපය තුළ එල්ල කෙරුණ මාරක ප්‍රහාර රැල්ලකින් පසුව ප්‍රංශයේ හදිසි නීතිය බල පැවැත්වේ.

පසුගියදා පැවැත්වුන ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටය ආරම්භ වීමට දින කීපයක් තිබියදී එලිසි(Champs-Elysées) මාවතේ දී එල්ල කෙරුණ ප්‍රහාරයකින් පොලිස් භටයකු මරණයට පත් වූ අතර තවත් දෙදෙනකුට තුවාල සිදුවිය.

(බීබීසී)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 June 2017 11:57