April 27, 2024

මැන්චෙස්ටර් ප්‍රහාරයට ගොදුරු වූවන් අතර ලාංකිකයන් නැහැ

එංගලන්තයේ මැන්චෙස්ටර්හි 'මැන්චෙස්ටර් අරීනා' ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සිදුවූ පිපුරුමකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තවත් 59 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා කරනවා.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර කුඩා ළමයින් ද සිටින බව වාර්තා වෙනවා.

බී.බී.සී පුවත් සේවය වාර්තා කරන පරිදි ක්‍රීඩාංගණ පැවති, ඇමෙරිකානු ගායිකාවකවන අරියානා ග්‍රෑන්ඩ් සහභාගී වූ සංගීත ප්‍රසංගයක් අවසානයේදී “විශාල පිපුරුම් හඬක්“ ඇසුණු බව සිද්ධිය දුටුවන් පවසා තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයට ආසන්නයේ පිහිටි මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානය වසා දැමුණු අතර සියලු දුම්රිය ගමන් අවලංගු කර ඇති බව සඳහන් වෙනවා.

සිද්ධිය වූ ප්‍රදේශයෙන් ඈත්වී සිටින ලෙස මැන්චෙස්ටර් පොලිසිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම 0161 856 9400 අංකයට ඕනෑම අවස්ථාවක ඇමතුම් ලබා දෙන ලෙස ඉල්ලීම්කර තිබෙනවා. බී.බී.සී මාධ්‍ය ජාලය වාර්තා කරන අන්දමට මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවයි දැනගන්නට ලැබෙන්නේ.

සිද්ධිය සිදු වූ මොහොතේ දී ගිලන් රථ හැටක් පමණ යොදාගෙන ඇති බවත් මේ වනවිට රෝගීන් රෝහල් හයකට ඇතුලත් කර ප්‍රතිකාර ලබා දෙන බවත් සඳහන් වෙනවා.

මේ අතර එංගලන්තයේ මෙම පිපිරීමෙන් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයන් කිසිවක් නොමැති බව වාර්තා වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 May 2017 12:49