April 26, 2024

Hackers තර්ජනය ලොව වෙලා ගනියි

පසුගිය සිකුරාදා (මැයි 12) එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් රටවල් 150ක පරිගණක පද්ධති දෙලක්‍ෂයකට අධික ප්‍රමාණයකට හානි පමුනවා ඇතිබව 'යූරෝපෝල්' පොලිසිය පවසනවා.

කලින් වාර්තාකර තිබුණේ රටවල් සියයක වින්දිතයන් 125,000ක් පමණ සිටින බවයි.

යූරෝපෝල් පොලිසියේ ප්‍රධානි රොබ් වේන්රයිට් බ්‍රිතාන්‍යයේ ITV රූපවාහිනියට කියා සිටියේ ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින තර්ජනයකට ලෝකය මුහුණදෙමින් සිටින බවයි.

කප්පම් ඉල්ලා සිටින Hackers ලා  විසින් මුදාහළ වෛරසය හේතුවෙන් වැඩිම හානියක් සිදුවූ රටවල් අතරට රුසියාව සහ එක්සත් රාජධානිය ඇතුළත්.

මේ අතරතුර තවත් බරපතළ සයිබර් ප්‍රහාරයක් ඉතා ආසන්නයේදී ම එල්ලවිය හැකිබවට පරිගණක ආරක්ෂක විශේෂඥයෝ අනතුරු අඟවනවා.

මෙය අද වුවද (මැයි 15) සිදුවිය හැකි බවත් එය වළක්වාගැනීමට අපොහොසත් විය හැකි බවත් බවත් ඔවුහු තව දුරටත් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 15 May 2017 10:37