April 26, 2024

තුන් පා දැරියක්, දෙපා දැරියක් කළ විශ්මිත සැත්කම

නිරෝගී දරුවෙක් මෙලොව එලිය දකිනවා කියන එක පවුලකට වගේම මුළු පරම්පරාවකට මහා වාසනාවක්. එකේ අනිත් පැත්තත් ඒ වගේම තමයි.අංගවිකල දරුවෙක්ගේ උත්පත්තිය දෙමාපියන්ට විශාල බරක්. පාද දෙකේ දරුවෙක් වෙනුවට පාද තුනක දරුවෙක්ගේ උපත?  බංගලාදේශයෙන් අපූරු පුවතක් වාර්තා වෙනවා. ඒ පාද තුනක් සහිත දරුවෙක් ගැන නම් නවෙයි.පාද තුනක දරුවෙක් පාද දෙකේ දරුවෙක් බවට පත් කෙරුණු අපූරු සැත්කමක් ගැන.

මේ දරුවා බංගලාදේශේ වුණාට, සැත්කම කරලා තිබුණේ ඕස්ට්‍රේලියාවේ. 

මව් කුසේදි නිසිලෙස නොවැඩුණු නිවුන් දරුවකුගේ පාදයක් උකුල ප්‍රදේශයට සම්බන්ධ වීමෙන් හටගත් අසාමාන්‍ය වර්ධනය හේතුවෙන්  මෙම උපත සිදු වී තිබෙනවා. මැගේ නම චෝයිති කාතුන් ( Choyti katun). 

ඔස්ට්‍ර්ලියානු ෛවද්‍යයවරුන් මාස ගානක් තිස්සේ කරන ලද පරීක්ෂණයන්ගේ ප්‍රතිපලයක් විදියට ඇයගේ අමතර පාදය ඉවත්කරමින් අයගේ කලවා ආශ්‍රිත ප්‍රදේශය සාමාන්‍ය ටහ්තවයට ගෙන ඇති බව සඳහන් වේ. නමුත් අයගේ පාද දෙක අතර අමතර පාදයේ කොටස් සහ අතිරේක අවයව සියල්ලම ඉවත් කිරීමට නොහැකි වූ බවද දැනගන්නට ලැබුණි.

මවු කුසයේදී නිවුන් සහෝදරියකගේ කොටස් සමග ඇය බද්ධ වී සිටී නිසා අතිරේක පාදයට අමතර ඇයට යෝනි මාර්ග දෙකක් සහ ගුද මාර්ග දෙකක් සහිතව උපත ලබා ඇති බවයි සඳහන් වෙන්නේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කරන විදියට ඇය මේ වන විට සම්පුර්ණ සුවය ලබා ඇති බවත් නැවතත් බංගලාදේශයට යාමට සුදානම් බවත් දැනගන්න ලැබෙනවා.

Rate this item
(4 votes)