April 26, 2024

යුද සමයේ ඝාතනයකට හමුදා භටයන්ට සිර දඬුවම්

නේපාලයේ සිවිල් යුද්ධය පැවති සමයේ දී පහළොස් හැවිරිදි දැරියක මරා දැමීමේ වරදට නේපාල හමුදා භටයන් තිදෙනෙකුට විසි අවුරුදු සිර දඬුවමක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වධ හිංසාවන්ට ලක්කොට මරා දමන ලද දැරිය මාඕවාදී කැරලිකරුවන් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට මෙම හමුදා භටයන් සැකකර තිබේ. මෙම දැරිය ඝාතනයකර ඇත්තේ 2004 වසරේදී ය.

කෙසේ නමුත් මෙම නඩු විභාගය සඳහා හමුදා භටයන් තිදෙනා සහභාගීවී නොමැති අතර සිරගතකිරීම සඳහා ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවේද යන්න සැක සහිතය.

1995 සිට 2006 දක්වා පැවති නේපාලයේ සිවිල් යුද්ධය අතරතුර සිදුවූ අපරාධවලට එරට හමුදා භටයන් පිරිසකට මෙවැනි අධිකරණ දඬුවමක් පනවනු ලැබුණේ දෙවැනි වතාවටය.

(බීබීසි)

Rate this item
(0 votes)