April 26, 2024

අමෙරිකානු රාජ්‍ය ලේකම් රුසියාවට

සිරියාව සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මතභේද උත්සන්න වෙමින් පවතින අතරවාරයේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් රුසියාවට ළඟාවෙයි.

ඉතාලියේ පැවති G7 කාර්මික රටවල කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ සාකච්ඡාවලින් අනතුරුව අදහස් පළ කළ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේ සිරියාවේ අසාද් පවුලේ පාලනය අවසානය කරා ළඟාවෙමින් පවතින බවය.

"බශර් අල් අසාද් කියන්නේ තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි සහකරුවෙක් බවට රුසියානු ආණ්ඩුව දැන්වත් තීරණය කරාවි කියල මම බලාපොරොත්තු වෙනවා. රසායනික ආයුධ භාවිතා නොකිරීමේ සම්මුතිය අත්සන් කළේ රුසියාව සහ සිරියාව එකතුවෙලා. ඒත් දැන් අසාද් නිසා රුසියාව ලෝකය ඉදිරියේ විහිළුවකට ලක් වෙලා." යනුවෙන් රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පැවසීය.

ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය සමග සිරියාව පවත්වන සම්බන්ධතා රුසියාවේ දිගු කාලීන අවශ්‍යතාවලට නොගැලපෙන බව රුසියාවට ඒත්තු ගැන්වීමට තමන් බලාපොරොත්තු වන බවත් රාජ්‍ය ලේකම්වරයා පවසයි.

අසාද් පාලනයට සහායදීම සම්බන්ධයෙන් රුසියාවට තවත් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් එකඟත්වයක් ඇතිකරගැනීමට G7 විදේශ අමාත්‍යවරුන් අපොහොසත් විය.

-බීබීසි සංදේශය-

Rate this item
(0 votes)