April 26, 2024

දකුණු කොරියා ජනපතිනිය ධූරයෙන් ඉවතට

දකුණු කොරියාවේ උපරිමාධිකරණය විසින් ජනාධිපතිනී පාර්ක් ගුඑන් හේ තනතුරින් පහකරනු ලැබීය.

විනිසුරුවරුන් අටදෙනෙකු විසින් ගන්නා ලද ඒකමතික තීරණයකින්, ජනාධිපතිනිය දෝෂාභියෝගයකට ලක්කිරීම සඳහා පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් අනුමතකළ ව්‍යවස්ථාමය අධිකරණය, බලයේ සිටි කාලය තුළ ඇය නීතිය සහ ව්‍යවස්ථාව දැඩි ලෙස උල්ලංඝණය කර ඇති බව පෙන්වා දුන්නේය.

මේ දේශපාලනික සහාය පළකිරීම් වලට හිලව් වශයෙන් දකුණු කොරියානු සමාගම්වලින් කප්පම් ලබාගැනීම සඳහා සිය හිතවතියකවන චොයි සූන් සිල්ට සහය දැක්වීමේ චෝදනා සම්බන්ධයෙන් ජනාධිපතිනී පාර්ක් ගුඑන් හේට අපරාධ පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවනු ඇත.

ජනාධිපතිනී පාර්ක් තම නිල නිවසින් අද ඉවත් නොවන බව පවසන ජනාධිපති කාර්යාලය ඇය ප්‍රකාශයක් නිකුත් නොකරනු ඇති බවද සඳහන් කළේය.

මේ අනුව දින හැටක කාලයක් ඇතුළත නව ඡන්දවිමසීමක් පැවැත්වීමට නියමිතය.

Rate this item
(0 votes)