April 27, 2024

වර්ජනය කළ වෛද්‍යවරු සේවයෙන් ඉවතට

මාස තුනක කාලයක් මුළුල්ලේ වැඩ වර්ජනයක නිරත වූ වෛද්‍යවරුන් සේවයෙන් පහ කිරීමට කෙන්යාවේ රෝහල් කාර්ය මණ්ඩල පියවර ගෙන තිබේ.

වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය කෙන්යාව පුරා සෞඛ්‍ය සේවාවන් අඩපණ කිරීමට හේතු විය.

වර්ජක වෛද්‍යවරුන් නෙරපා හරිනු ලැබීම නිසා ඇතිවන පුරප්පාඩු පිරවීමට කියුබානු වෛද්‍යවරුන් සහ කෙන්යානු වෛද්‍ය සිසුන් බඳවා ගන්නා බවට කෙන්යා ආණ්ඩුව වෛද්‍යවරුන්ට අනතුරු ඇඟවීමක් කර ඇත.

සිය වැටුප් 150% කට ඉහළ මට්ටමකින් වැඩිකරන ලෙස වර්ජක වෛද්‍යවරු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

එවැනි වැටුප් වැඩිකිරීමක් සිදු කරන බවට ආණ්ඩුව 2013 වසරේ පොරොන්දුවක් දෙන ලද බවත් වෛද්‍යවරු පවසති.

කෙසේ වෙතත්, සිය වෘත්තීය සමිතිය වර්ජනය නිම කරන බව පවසමින් ප්‍රකාශයකට අත්සන් කළ බව බීබීසිය සමග කියා සිටි වෛද්‍යවරු ඉල්ලා සිටින්නේ රජයද එම ප්‍රකාශය සැලකිල්ලට ගෙන සේවයෙන් පහ කිරීම් අවලංගු කිරීමට කටයුතු කරන ලෙසයි.

Rate this item
(0 votes)