April 26, 2024

විසි වසරකට පසු ඩයනා සිහිවෙයි

ඩයනා කුමරියගේ පිළිරුවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ඇයගේ දරුවන් දෙදෙනාවන විලියම් සහ හැරී කුමරු නිවේදනය කරති.

ඩයනා කුමරිය වාසය කළ කෙන්සිංටන් මාලිගය ඉදිරිපිට මෙම පිළිරුව ඉදිකිරීමට නියමිතය.

ඇයගේ මරණයෙන් විසි වසරකට පසු මෙම තීරණයට එළැඹෙමින් විලියම් සහ හැරී කුමරුන් කියා සිටියේ තම 'මවගෙන් ලොවට ඇතිවූ ධනාත්මක බලපෑම හනුනාගනීමට' කාලය පැමිණ ඇති බවය.

තම මවගේ පිළිරුවක් ස්ථාපනයකිරීම සඳහා සිය මුණුබුරන් ගෙන ඇති තීරණයට එලිසබත් මහ රැජිනගේ සම්පුර්ණ සහයෝගය ලැබීඇති බව බකිංහැම් මාලිගාවේ ප්‍රකාශකයෙකු පැවසීය.

ඩයනා කුමරිය පැරිසියේ දී හදිසි මාර්ග අනතුරකින් මිය ගියේ 1997 වසරේදී ය.

Rate this item
(0 votes)