April 28, 2024

බැරෝ වැඩ අරඹයි

ගැම්බියාවේ ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ඇඩමා බැරෝ ජනාධිපතිවරයා ලෙස වැඩ ආරම්භකිරීම සඳහා ඊයේ (26) සිය රටට පැමිණියේය.

ඔහු ගැම්බියාවට පැමිණියේ හිටපු ජනාධිපති යාය ජම්මෙ රටින් පිටවී දින කිහිපයකට පසුවය.

පසුගිය දෙසැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් ජය ලැබූ බැරෝ සෙනෙගාල් රාජ්‍යයේ සිටි අතර පරාජයට පත්වූ ජම්මෙ බලය අතහැරීම ප්‍රතික්‍ෂේප කළේය.

Rate this item
(0 votes)