April 28, 2024

ට්‍රම්ප් ජනපති පුටුව අභියස

ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීම සඳහා තේරීපත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පවුලේ පිරිස සමග වොෂිංටනය වෙත ළඟා වී තිබේ.

ඒ අනුව, ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසය හෙවත් ඇමෙරිකානු ෆෙඩරල් රජයේ නීති සම්පාදක ශාඛාව ලෙස සැලකෙන ඇමෙරිකානු කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිටදී අද (20) නව ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනපති ලෙස මයික් පෙන්ස් දිවුරුම් දීමට නියමිතයි.

මෙම සුවිශේෂී උත්සවයට සහභාගී වීම සඳහා නිව්යෝක් නුවර සිට වොෂිංටනය දක්වා ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුට නිල වශයෙන් හිමි වන එයාර්ෆෝස් වන් ගුවන් යානයකින් ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ සියලු දෙනා පැමිණියහ. 

කෙසේ වෙතත්, මේ දක්වා ට්‍රම්ප් භාවිත කළේ තමාගේම ට්‍රම්ප් අනන්‍යතාවයෙන් යුතු ගුවන් යානය මෙවර දැකිය නොහැකි විය.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන ආකාරයට මේ වනවිට කිසිදු අර්බුදයකින් තොරව වඩාත් සුමට බල හුවමාරුවකින් නව ජනපති ලෙස දිවුරුම්දීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම්ව ඇති අතර, දිව්රුම්දීමේ උත්සවය සම්පූර්ණයෙන්ම ඇමෙරිකානු තේමාවක් යටතේ සිදුවනු ඇත.

ජනවාරි 17 සිට 21 වැනිදා දක්වාම මෙම දිවුරුම්දීමේ උලෙළට අදාළ කටයුතු සිදු කෙරෙන අතර, දිවුරුම් දීමේ ප්‍රධාන උලෙළ, දිවා භෝජනය, සරඹ පෙළපාළිය, සමාරම්භක බාල් නර්තනය, මෙන්ම ආගමික වතාවත්ද ඒ සමස්ත ක්‍රියාවලියට අයත්ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම්දීම සිදුවනු ඇති අතර, එහිදී සාම්ප්‍රදායික ලින්කන් බයිබලය (බැරැක් ඔබාමාද භාවිත කළේ මෙයයි) මෙන්ම, ට්‍රම්ප් ළමා අවදියේ සිට භාවිත කළ බයිබලයද දිවුරුම්දීමේ අවස්ථාවට යොදාගනු ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

Rate this item
(0 votes)