April 27, 2024

මාධ්‍යවේදිනියකට වසර තුනක සිරදඬුවමක් - හේතුව මෙන්න

මාධ්‍ය සදාචාරයට කළු පැල්ලමක් එක් කළ හංගේරියා මාධ්‍යවේදිනියකට එරට අධිකරණය වසර තුනක සිරදඬුවම් ලබා දී තිබේ.

හංගේරියා හා සර්බියා දේශසීමා හරහා ගමන් කරමින් සිටි සංක්‍රමණිකයින් කිහිප දෙනෙකුට අඩන්තේට්ටම් කිරීම ඊට හේතුවයි.

මාධ්‍යවේදිනිය බොහෝ දෙනා ඉදිරිපිටදී ගමන් මග අහුරා සංක්‍රමණිකයින් දෙදෙනෙකු බිම හෙළා ඇති අතර එය වෙනත් අයෙකුගේ කැමරාවක සාක්‍ෂි සහිතව සටහන්ව තිබිණ.

ඇය මෙසේ පීඩාවට පත්කර ඇත්තේ කුඩා දැරියක හා අතදරුවෙකු සමග සිටි පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

කරුණු සැලකිල්ලට ගත් අධිකරණය කළහකාරී ලෙස හැසිරීම හා සංක්‍රමණිකයින්ට පීඩා කිරීම යන කරුණු මත මාධ්‍යවේදිනියට සිරදඬුවම් නියම කෙරිණි.

Best Photos 2015

 

Rate this item
(0 votes)