April 28, 2024

ඇමෙරිකානු ඉහළම ගෞරවය ඔබාමා දුන්නේ කාටද ? (VIDEO)

ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් හට ඇමරිකානුවෙකුට ලැබෙන ඉහළම ගෞරවය පිරිනැමුණා. ඒ ඔහු කළ සේවය අගයමින්.

ඇමරිකානු රජය විසින් පිරිනමන නිදහස සඳහා වූ පදක්කම ඇමරිකානු පුරවැසියෙකුට එරටින් හිමිවන ඉහළම ගෞරවයයි.

ඇමරිකානු ජනපති බරක් ඔබාමා විසින් ඇමරිකානු උප ජනපති ජෝ බයිඩන් හට මේ පදක්කම පිරිනැමුවා.

ඒ ඇමරිකානු රජයටත්, ඇමරිකානු ජනතාවටත් පක්ෂපාතී වෙමින් ඔහු සිදුකළ මෙහෙය අගය කරමින්.

මේ අවස්ථාවට සහභාගී වනතෙක්ම, තමන්ට මෙම පදක්කම හිමිවන බව බයිඩන් දැන නොසිටීම විශේෂත්වයක් වුණා.

මේ පදක්කම භාරගන්නා ලෙසට ඇමරිකානු ජනපතිවරයා ඔහුට ආරාධනා කළ අවස්ථාව ජෝ බයිඩන්ට ඉතා සංවේදී අවස්ථාවක් වුණා.

මේ පදක්කම බයිඩන්හට පිරිනමමින් ඔබාමා ප‍්‍රකාශ කළේ තමන් ජනපති වූ පසු කළ පළමු තෝරාගැනීම ජෝ බයිඩන් බවයි. එමෙන්ම එය තමන්ට පමනක් නොව ඇමරිකානු ජනතාව වෙනුවෙන්ද කළ හෝඳම තෝරාගැනීම බවත් ජනපතිවරයා විසින් ප‍්‍රකාශ කරන්නට යෙදුණා.

පදක්කම භාරගැනීමෙන් පසුව ජෝ බයිඩන් ප‍්‍රකාශ කළේ ඇමරිකාව වෙනුවෙන් සේවය කිරීම සඳහා ඔබාමා සමඟින් එකම මඟක ගමන් කිරීමට ලැබීම පිළිබඳව අතිශය සතුටුවන බවයි.

ජෝ බයිඩන් මේ මස 20 වැනිදා සිය ධුරයෙන් සමුගන්නවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 13 January 2017 16:37