May 06, 2024

ඇමෙරිකාවෙන් රැසියාවට හීන් ටොක්කක්

නේටෝ හමුදාවේ නැගෙනහිර පෙරමුණට එක්වීමට නියමිත තුන්දහසක් වන ඇමරිකානු භට පිරිසේ පළමු කණ්ඩායම පෝලන්තය වෙත පැමිණෙමින් සිටිති.

යුධටැංකි අසූවකට වැඩි ප්‍රමාණයක් සහ සියගණනක් සන්නද්ධ රථ වලින් මෙම හමුදා කණ්ඩායම සමන්විත වෙයි.

'සීතල යුද්ධය' නිමාවීමෙන් පසු ඇමරිකානු හමුදාව මෙවැනි මෙහෙයුමකට මැදිහත් වන්නේ පළමුවතාවටයි.

රුසියාවට කිසියම් ආකාරයේ පණිවුඩයක් යැවීමක් ලෙස මෙම තීරණය ගත් බවත් යුරෝපයේ රටවල ස්ථීර සේවයේ හමුදා යොදවන බවත් පෙන්ටගන් මාධ්‍ය ප්‍රකාශක ජෙෆ් ඩේවිස් මහතා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

‘ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ කැපවීම පෙන්වීම සඳහා දැනෙන යමක් කළ යුතුයි. ඇරත් එය යුරෝපයේදී අපේ ඒකබද්ධ ආරක්ෂාවට සම්බන්ධ දෙයක්‘ යයිද ඩේවිස් මහතා පැවසීය. 

යුද්ධ ටැංකි, සන්නද්ධ හමුදා වාහන, කාලතුවක්කු, ට්‍රක් රථ සහ කන්ටේනර් රථ ඇතුළු යුද උපකරණ හා වාහන 2,400 ක් සමග ඇමෙරිකා හමුදාවේ 04 වැනි පාබල සේනාංකයේ 3 වැනි බලඇණිය මෙලෙස කොලරාඩෝහී කාසන් බලකොටුවේ සිට යවා තිබේ.

 
Rate this item
(0 votes)