May 07, 2024

ට්‍රම්ප් පවුල් පාලනය අරඹයි ?

ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් තම බෑණා වන ජැරඩ් කෂ්නර් තම ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වශයෙන් පත්කර තිබේ.

දේපල වෙළදාම් ව්‍යාපාරයේ නිරත 35 හැවිරිදි ඔහු විවාහවී සිටින්නේ ට්‍රම්ප්ගේ දියණියක වන ඉවන්කා ට්‍රම්ප් සමගයි.

ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකල ඔහු එරට අභ්‍යන්තර සහ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ට්‍රම්ප්ට තම සහාය ලබා දීමට නියමිතයි.

එහෙත් ඇමරිකාවේ ඥාති සංග්‍රහ නීති සහ දේශපාලන මත ගැටුම් සමග ඇතිවිය හැකි අර්බුදය හේතුවෙන් මෙය මහත් ආන්දෝලනාත්මක පත්වීමක් විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)