May 07, 2024

ඔබාමා ට්‍රම්ප්ට කළ අවවාදය මෙන්න

පවුලේ ව්‍යාපාරයක් කළමනාකරණය කරන ආකාරයෙන් ධවල මන්දිරයේ සිට රට පාලනය කිරීමෙන් වළකින්නැයි තමන් නව ජනාධිපති අනුප්‍රාප්තිකයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවවාද කර තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඒ බී සී රූපවාහිනිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

එහිදී ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු පෘථිවියේ ඇති විශාලතම සංවිධානයේ ප්‍රධානියා තමන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් සිතට ගතයුතු යැයිද බැරක් ඔබාමා ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය වෙනුවෙන් රුසියාව අන්තර්ජාලය හරහා බලපෑම් කළ බව අමෙරිකානු බුද්ධි අංශ මීට පෙර කළ චෝදනාවලට අදහස් දක්වමින් ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ සයිබර් ප්‍රජාතන්ත්‍රවාදී සහ අන්තර්ජාලය හරහා වැරදි තොරතුරු සන්නිවේදනය වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇතිවිය හැකි බලපෑම පිළිබඳ තමන් අවතක්සේරුවකින් සිටි බවයි.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් පිළිබඳ තමන් අවතක්සේරුවකින් නොසිටි බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 09 January 2017 16:24