May 07, 2024

චින්නම්මා ලංකාවට අත පොවයි

එළඹෙන තෛපොංගල් උත්සව දිනට පෙර මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස තමිල්නාඩු A.I.A.D.M.K පක්ෂයේ නව මහ ලේකම් වී.කේ ශෂිකලා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් පිළිබද අවධානය යොමු කරමින් නව මහ ලේකම්වරිය පෙන්වා දෙන්නේ තෛපොංගල් උත්සව දිනය සිය පවුලේ සාමාජිකයින් සමග සැමරීමට හැකි වන පරිදි අදාළ ධීවරයින් නිදහස් කරන ලෙසයි.

මේ අතර මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කිරීම සඳහා  මැදිහත්වන ලෙස තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ඕ පනීර්සෙල්වම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඉන්දීය ධීවරයින් 61 දෙනෙකු ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන බව ඔහු පෙන්වා දී තිබේ.

A.I.A.D.M.K පක්ෂ මහ ලේකම් ධුරයේ කටයුතු කළ ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් පසු  ශෂිකලා එම ධුරයට පත් කෙරිණි. ඇය තමිල්නාඩු වැසියෝ චින්නම්මා ලෙස හදුන්වා දෙනු ලබති.

Rate this item
(0 votes)